1911 දි චීනය පුරා පැතිර ගිය තවත් වසංගතයකදී ලොව බලවතුන් එක් ව පිළිතුරු සෙවූ සැටි

මැන්චූරියා හි කඳු අතරින් වැටුනු දුම්රිය මාර්ගය

CNN ලිපියේ පරිවර්තනයකි.

වර්ශ 1911 දි චීනය පුරා මාරාන්තික රෝගයක් ව්‍යාප්ත වූ අතර එය දරුණු වසංගතයක් බවට පත් විය. එයට වන සතුන් වෙළඳාම අතර සම්බන්ධයක් පැවතුනද එවක කිසිවෙකුත් එය හරිහැටි දැන සිටියේ නැත.

වෛරසයේ පැතිරීම පාලනය පිණිස චීනය දැන් වගේම ඇඳිරි නීතිය, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම, නිරෝධායනය ආදී නොයෙකුත් උපක්‍රම යෙදුවත් 60,000 ක් පමණ පිරිසක් මේ වසංගතයෙන් මිය ගියහ.

වසංගතය යම් තරමකට පාලනය කර ගත් පසු චීන රජය වසංගතය ආරම්භ වූ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ශෙන්ග්යොන්ග් නගරයේ අන්තර්ජාතික වසංගත සමුළුවක් සංවිධානය කරන ලදි. ලොව බලවතුන් වූ ඇමරිකාව, ජපානය, රුසියාව සහ එක්සත් රාජධානිය වැනි රට වල බැක්ටීරියා, වසංගත පිළිබඳ විශේෂඤ්ඤයෝ ඊට එක් වූහ.

1911 ප්‍රංශයේ ලෙ පෙටිට් සඟරාවේ පළවූ මැන්චූරි වලට ඉහළින් පියඹා ගිය මාරයා දැක්වෙන සිතුවම.

සමුළුවේ අරමුණු වූයේ මෙම වසංගතයේ පැතිරී යාමට හේතුව සෙවීමත්, කුමන නිවාරණ ක්‍රමවේදය වඩාත් ඵලදායී වූවාද සොයා බැලීමත්, රෝගය මෙතරම් ඉක්මන්ට පැතිරුනේ කුමන හේතු නිසාද යන්න විමර්ශනය කිරීමටත් සහ දෙවන වටයකින් නැවත රෝගය පැතිරී යාම වැළැක්වීම සඳහා කුමන පියවරයන් අනුගමනය කළ යුතුද යන්න සොයා බැලීමටය. යම් ආරවුල් සහිතව වුවත් එය බොහෝ දුරට මේ කරුණු අධ්‍යනය සඳහා මෙම සමුළුව ප්‍රයෝජනයට ගැනින.

රටවල් අතර බිඳවැටුනු සම්මුතීන් නිසා ලෝකය මෙවැනිම දරුණු වසංගත තත්වයකට මුහුණ දී ඇති මේ මොහොතේ 1911 දි පැවැත්වුනු මෙම සමුළුව පිළිබඳව නැවත සිතා බැලීම ඉතා වැදගත්.

අද ලෝක සෞඛ්‍ය සංවිදානය යම් එකඟතාවයකට ගෙන ඒමට උත්සහ දරමින් සිටින අතර බලවත් රටවල් සම්පත් වෙනුවෙන් අරගලයක නිරත වෙති. දුප්පත් රටවල් වලට තනිව ඔවුන්ගේ ආරක්ශාව සපයා ගැනීමට සිදුව තිබේ. 1911 ට සාපේක්ශව අද ඇත්තේ බෙදුනු ලෝකයකි.

බිම් ලේන්නු සහ මහා මාරියා රෝගය

1910 සරත් සෘතුව පසුවෙද්දී ඇරඹුනු වසංගතය වසරක කාලයක් ගත වෙද්දී යම් පාලනයකට ගෙනැවිත් තිබුණද ඉන් ජීවිත 63,000ක් පමණ අහිමි වී තිබුණා. වසංගතය හර්බින් (අද හීලොන්ජියන්ග් පළාත ) දක්වා පැතිරෙද්දී එය අන්තර්ජාතික මාද්‍ය අවධානයට ලක් වුනි. හර්බින් පළාත බොහෝ දුරට කෘශි කාර්මික ප්‍රදේශයක් වූ අතර අඩු ජන ඝනත්වයක් හෙබවූ ප්‍රදේශයක් විය. ඉන් බහුතර ප්‍රදේශයක් චීනය විසින් පාලනය කළ අතර ඩයිලන්ඩ් වරාය ප්‍රදේශය ජපනුන් විසින්ද මන්චූරියා දුම්රිය රුසියානුවන් විසින් ද පාලනය කෙරිනි.

රෝගී තත්වය ආරම්භ වූවා යැයි සැළකෙන සත්ව ලෝම කර්මාන්තය මෙම ප්‍රදේශය මූලික කරගෙන පැවතියේය.

මොන්ගෝලියාවේ කුක්හ් ගඟ අසල තෘණ භූමියක ඇවිද යන ටර්බගන් බිම් ලේනෙක්.

යුරෝපා, ඇමරිකන් සහ ජපාන සත්ව ලෝම වෙළෙන්දන් ඔවුන්ට අවශ්‍ය කරන සත්ව ලෝම මොන්ගෝලියාවෙන් මෙන්ම ඊට යාබද මැන්චූරියාවෙන්ද මිලදී ගත්හ. ආරම්භයේදී ඔවුන් ටාර්බගන් ලේනුන් ගේ ලෝම භාවිතා නොකළත් පසු කළෙක සොයා ගත් තාක්ශණික ක්‍රම මගින් ටාර්බගන් ලේනුන් ගේ ලොම් අවම මිලකට ගත හැකි ඉහළ ගුණාත්මක බවකින් යුතු සත්ව ලොම් බවට පත් විය.

විදේශීය ගැනුම් කරුවන් දහස් ගනන් දඩයක් කාරයන් කුළියට ගත් අතර ඔවුන් යොදවා ටර්බගන් බිම් ලේනුන් මරා දැමුණු අතර මින් පෙර නොසලකා හැරුණු රෝගී ටර්බගන් ලේනුන් ද ඒ අතර විය.

වසංගතයේ මූලාරම්භය සෙවීම අපහසු වුවත් පළමුව එය හඳුනා ගත්තේ මොන්ගෝලියාවේ ඇතුලු නගරයක් වන මැන්ශුවලි නගරයේ වෙසෙන රුසියානු වෛද්‍යවරුන් විසිනි. රෝග ලක්ශණ වූයේ උණ සහ කැස්ස සමග ලේ පිට වීමයි. රෝගය නිසා මරණයට පත් වූවන් වීදි වල අත් හැර දැමුණු අතර දුම්රිය මැදිරි නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් විය.

මැන්චූරියාහි මහාමාරියා රෝගයට ගොදුරු වූවන්

නිව්මෝනියාව සහ මහා මාරියාව දුම්රිය මාර්ගය ඔස්සේ චීනයේ අනෙකුත් ප්‍රදේශ වලට ඉතා වේගයෙන් පැතිරෙන්නට විය. ටියන්ජින්, බීජිං, වුහාන් සහ ශැංහයි ඒ අතර වෙයි. බොහෝ නගර වසංගතය පාලනය කර ගැනීම පිණිස වසා දැමුනු අතර 1910 නොවැම්බර් 8 වන විට හාර්බින් නගරයේ පමණක් මරණ සංඛ්‍යාව 5272 ක් විය.

මූලික ප්‍රතිචාර සහ විවාද

නිරෝධායනයට ලක් වූවන් දින 5-10 දක්වා රෝග ලක්ශණ නොපෙන්වූවොත් මහා මාරියා රෝගයෙන් තොර බව දැක් වෙන ලෝහ මුද්‍රාවක් අතේ පළඳා ඔවුන් නිදහස් කෙරේ. නමුත් රෝග ලක්ශණ පෙන්නුම් කළ හොත් මුළු දුම්රිය පෙට්ටියම විනාශ කරනු ඇත. මරණ අනුපාතිකය 100% දක්වා ඉහල නගින ලදි. මරණ භූමදාන කිරීම තහනම් වුනු අතර සමූහ ලෙස ආදාහනය කිරීමට බල කෙරින.

හාර්බින් නගරයේ චීන (මැලේසියානු සම්භවයක් සහිත) කේම්බ්‍රිජ් උපාධිදාරී වෛද්‍ය වූ ලේන්-ටේහ් මෙම වසංගතය පාලන කටයුතු මෙහෙයවිමින් සිටියේය.

1910-1915 දී පමණ ලබා ගත් ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ 1910-11 මැන්චූරියාහි මහාමාරියා වසංගතය පාලනය කිරීමට මුව ආවරණ භාවිතා කිරීමේ පුරෝගාමියෙකු වන වෛද්‍ය වූ ලියෙන් ටේහ්.

වූ සිදු කළ මරණ පරීක්ශණ වලින් අණාවරණය කරගත්තේ මෙම රෝගය පෙනහළු ආශ්‍රිත ආසාදනයක් නිසා සිදු වෙන බවයි. එමෙන්ම ඔහු ජනතාවට මුව ආවරණ පැළඳීමට දැඩි ලෙස රෙකමදාරු කළේය.

1911 මුල චීනය පුරා සේවයේ නියුතු වෛද්්යවරු හාර්බින් වෙත යොමු කළ අතර චීන නව අවුරුදු සමය එළඹෙන්නට පෙර මෙම වසංගතය යම් තරමකට පාලනය කරගන්නට වූ ගේ දැඩි නීති රීති සමත් විය. ජනවාරි මස වන විට ආසාදිත අනුපාතය අවම මට්ටටම ළඟා විය.

ආසාදනය දුම්රිය මග ඔස්සේ ඩයලින් වරාය ප්‍රදේශය දක්වා පැතිරුණු අතර 1911 ජනවාරි මස වන විට ශෙන්යැන්ග් නගරයේ මරණ 2571 ක් වාර්ථා විය.

නැගෙනහිර චීන දුම්රිය මාර්ගය

ඩයලින් නගරයේ දුම්රිය සහ නැව් වල සංචාරය කරන මගීන් ව පරීක්ෂා කිරීම ආරම්භ විය. පසුව දුම්රිය මාර්ග වසා දැමුනු අතර ඩයලින් වරායට පැමිණ සිටි නෞකා එම වරායේම නැංගුරම් ලා තැබීමට නියම කෙරිනි.

මේ වන විට මැන්චූරියා හි තත්වය පාලනය වී තිබූ අතර 1911 ජනවාරියේ අවසන් සමූහ ආදාහන කටයුතු ද සිදු කරන ලදි.

වසංගතය පැතිරීමට හේතුවත් එය පාලනයට හේතු වූ ප්‍රධාන කාරණයත් සොයා බැලීම වෙනුවෙන් අන්තර්ජාතික සමුළුවක් පැවැත්වීමට මෙය හොඳම කාලය බව චීන බලධාරීන් තීරණය කළහ.

ශෙන්යැන්ග් සමුළුව

යේල් සරසවියේ මහාචාර්ය විලියම් C සමර්ස් 2012 පල කරන ලද නිබන්ධනයකින් පවසා සිටියේ 1911 වන විට විශේෂඥයින් ගේ සමුළුවක් පැවැත්වීමට චීනය වෙත බල කෙරෙමින් තිබුණු බවයි.

සමුළුව චීනය වෙත යම් අවදානමක් එල්ල කරමින් තිබුණි.

චීනයේ බොහෝ දුම්රිය මාර්ග රුසියාවෙන් පාලනය කෙරුණු අතර ඩයිලෑන් ඇතුලු ප්‍රධාන නැගෙන හිර මුහුදු වරායන් පාලනය කරේ ජපානයයි. තවද යුරොපා බලවතුන් සහ ඇමරිකාව චීනයේ උතුරු සහ දකුණු දිග වරායවල් පාලනය කළහ.

හාර්බින් හි කිටජස්කයා මාවත 1932 දී පමණ

අන්තර්ජාතික ප්‍රජාව මෙම සමුළුව පැවැත්වීම කෙරෙහි චීනය තල්ලු කරමින් සිටි අතර සහභාගී වන්නන් පොරොන්දු වූයේ චීනය වෙත කිසිම බලපෑමක් මින් එල්ල නොවන බවත් මූලික වශයෙන් එය විද්‍යාත්මක ගවේශනය පිණිස යොදා ගන්නා බවත් ය.

1911 අප්‍රේල් 3 ශෙන්ග් යැන්ග් හි ශා හෝ යීන් මාලිගාව මෙම සමුළුව සඳහා වෙන් කෙරින. ඉතාලිය, මෙක්සිකෝව, නෙදර්ලන්තය, ජර්මනිය, ඔස්ට්‍රියාව සහ හංගේරියාව යන රටවල් තම ප්‍රවීන විද්‍යාඤ්ඤයින් මෙම සමුළුව වෙත එවා තිබුණි.

සමුළුවේ ප්‍රධාන කොටසක් වෙන් වූයේ මෙම රෝගය පිළිබඳව පැවති දුර්මත නිරාකරණය කරගැනීමටය. රෝගය පැතිරී යන ආකාර කෙරෙහි ද ඔවුන් අවදානය යොමු කළහ. රෝගය පැතිරීම වැළැක්වීම කෙරෙහි චීන බලධාරීන් යොදා ගත් උපක්‍රමද මෙහිදී සාකච්ඡා කෙරිණි. සංචාරය තහනම් කිරීම්, නිරෝධායන මධ්‍යස්ථාන, වෙන් වූ රෝහල් ඉදි කිරීම් යන ක්‍රම වලට ප්‍රමුඛත්වය ලැබිනි.

හාර්බින් දුම්රියපොළ. 1900 දී පමණ ගන්නා ලද ඡායාරූපයකි.

1911 අප්‍රේල් 28 සමුළුව අවසන් කළේ වෛද්‍ය වූ ගේ ප්‍රකාශයකිනි. කෙසේ වෙතත් රුසියාව, ජපානය හෝ යුරෝපා බලවතුන් තම දේශපාලන අරමුණු සඳහා මෙම සමුළුව යොදා නොගත්හ. සමුළුවේ අවසන් නිර්ණායක වූයේ වසංගතය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමත්, සනීපාරක්ශක උපකරණ වල අවශ්‍යතාවයත්, නිරෝධායන නීති වල අවශ්‍යතාවයත් සහ වසංගතයට හේතු වූ මෙම රෝග නිධානය වූ ටාර්බගන් ලේනා පිළිබඳවත් ය.

ගෝලීය ප්‍රතිචාර

1911 වර්ශයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයක් නොතිබින. එමනිසා වෛරසයෙන් ආරක්ශා වීම පිළිබඳව වගකීම ඒ ඒ රටවල් වලට තනි තනිව භාර විය. ශෙන්ග්යැන්ග් හි දේශපාලකයෝ කිසිවක් නොසිටි අතර එහි සිටි විද්‍යාඤ්ඤයින් විසින් පෙන්වා දුන් ආකාරයට මෙවැනි වසංගත මර්දනය කිරීම කෙරෙහි අන්තර්ජාතික සංවිධානයක අවශ්‍යතාවය මතු විය. 1919 පැරිස් සාම සමුළුවෙන් පසුව බිහි වූ පළමු ලෝක යුද්ධය සිදු වූ ජාතීන් අතර ලීගය විසින් මෙවැනි සංවිධානයක් සඳහා මුල් පියවරයන් ගනු ලැබීය. ඔවුන් ඒ සඳහා විශේෂඤ වෛද්‍ය වරුන්ගෙන් යුත් කාර්යංශයක් පිහිටවනු ලැබීය.

ලාදුරු රෝගය, මැලේරියාව සහ කහ උණ ​​තුරන් කිරීම කාර්යාංශය ඉලක්ක කරගත් අතර රුසියාවේ ටයිෆස් වසංගත සහ යුද්ධ අතර චීනයේ විවිධ කොලරාව හා ටයිපොයිඩ් පැතිරීම සාර්ථකව පාලනය කිරීමට උපකාරී විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව, ලීගයේ අනුප්‍රාප්තිකයා වූ එක්සත් ජාතීන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්මාණය කළේය.

මහා මැන්චූරියානු උණ වසංගතය චීනයේ අනෙකුත් ප්‍රදේශ වලට හෝ මොන්ගෝලියාව, රුසියාව යන ආසන්න ප්‍රදේශ වලට පැතිර ගියේ නැත. ඒ මුහුදු මාර්ග වසා දැමීමත් ඩයලින් වරායේ වැඩ කටයුතු අත්හිටුවීමත් නිසාය. එසේ නොමැති වී නම් මෙම වසංගතය පහසුවෙන්ම ජපානය, හොංකොං, කොරියාව වැනි ආසියාතික රටවලත්, යුරෝපා රට වලටත් පැතිර යාමට ඉඩ තිබුනි.

ඉතිහාසඥ සමර්ස් පවසන්නේ සාමූහික ප්‍රයත්නයක් නිසා නොවන්නට මහා මැංචූරියානු උණ වසංගතය මෙසේ පාලනය කරගත නොහැකි වන බවයි.

“එවන් වසංගතයක් මැඩලීම පිණිස ඊට අදාල ප්‍රවීනත්වයක් ඇති මිනිසුන්, සම්පත් සහ දැනුම අතර සවිමත් සබඳතාවයක් වෙනත් මෙවන් අවස්ථා වලදී පෙන්වා නැත.” සමර්ස් පවසයි.

අද ලොව පුරා ගෙන ඇති පියවර – විශේෂයෙන් ඉදිකරන ලද නිරෝධායන රෝහල්, මුව ආවරණ පැළඳීමේ නීති, සනීපාරක්ෂක ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම, සංචාරක සීමා කිරීම්, ගුවන් යානා සහ සෞඛ්‍ය සේවකයින්ගේ ඒ වෙනුවෙන් වෙන් කෙරුණු කණ්ඩායම් – බොහෝ ආකාරවලින් මීට වසර 110 කට පෙර ඊසානදිග චීනයේ ගත් ඒවා අනුකරණය කරයි.

කෙසේ වෙතත්, අද තිබෙන ප්‍රධාන රටවල් – එක්සත් ජනපදය, චීනය, යුරෝපා සංගමයේ රටවල් සහ ජපානය – සෞඛ්‍ය අර්බුදයට සම්බන්ධීකරණ ප්‍රතිචාරයක් දැක්වීමට එතරම් උනන්දුවක් නොදක්වන අතර ඕනෑම නිර්පාක්ෂික සමුළුවක අපේක්ෂාවන් දුරස්ථ බව පෙනේ.

1911 දී ලොව ප්‍රමුඛ පෙළේ රෝග විශේෂඥයින් චීනයට යාමට උනන්දුවෙන් සිටියහ.

කොරෝනා වසංගතයෙන් පසු යම් අවස්ථාවක සිදුවිය යුත්තේ ගෝලීය විද්යාඥයින්ට විවෘත සංසදයකදී කොවිඩ් -19 පිළිබඳව දැනුම බෙදා ගැනීමට හා සාකච්ඡා කිරීමට මාර්ගයක් සොයා ගැනීමයි. සමහර විට එය දේශපාලකයන්ගේ දැනුවත් වීමකින් තොර වුවත් කම් නැත.

මුළු පරිශීලකයින් 28 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *