ජපානයේ රැඳී සිටිමින් බ්‍රිතාන්‍ය පාලනය පෙරලා දැමීමට සටන් කළ ඉන්දීය විප්ලවවාදියා

CNN හි එමිකෝ ජොශූකා විසිනි. මෙය CNN ලිපියේ පරිවර්තනයකි.

ටෝකියෝ (CNN) 1912 දෙසැම්බර් 23 වන දින ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධිපති හාර්ඩින් සාමිවරයා අලියෙකු පිට නැග නව අගනුවරට ඇතුළු වූ විගස පුපුරා ගිය බෝම්බයෙන් දිල්ලිය දෙදරුම් කෑවේය.

බෝම්බය ඔහුව මරා දැමීමට අදහස් කළ නමුත් ඒ වෙනුවට එහි කැබලි හාර්ඩින්ගේ පිටුපස පසාරු කරගෙන ගොස් නතර විය. ඉන් ඔහුගේ සේවකයා මිය ගිය අතර, එය කොල්කටා සිට ඉන්දියාවේ අගනුවර දිල්ලියට මාරුවීම සනිටුහන් කරන දිනයට අඳුරු සෙවණැල්ලක් වැටුනා වැනි විය.

මෙම ප්‍රහාරයේ මහ මොළකරු වූයේ 26 හැවිරිදි බෙංගාලි විප්ලවවාදියෙකු වූ රාෂ් බිහාරි බෝස් ය. ඔහු මුලින් බ්‍රිතාන්‍ය පාක්ෂිකයෙකු ලෙස පෙනී සිටිමින් යටත් විජිත පාලනය පෙරලා දැමීමට රහසිගතව කටයුතු කළේය.

ප්‍රහාරය අසාර්ථක වූ නමුත්, සිය ගණනක් ජනයාට සහ ලෝකයට, සමහර ඉන්දියානුවන් බ්‍රිතාන්‍යයන් බලහත්කාරයෙන් නෙරපා හැරීමට සූදානම් බව පෙන්වීමට බොස්ට අවස්ථාව ලබා දුන්නේය.

1858 දී බ්‍රිතාන්‍ය රජය ඉන්දියාව තම අධිරාජ්‍යයේ කොටසක් බවට පත් කළේ ඉන්දියානු කැරැල්ල නමින් හැඳින්වෙන ලේවැකි හා රටපුරා ඇති වූ නැගිටීමක් මැඩපැවැත්වීමෙනි.

චාල්ස් හාඩිං සාමිවරයා (1858-1944) ඉන්දියාවේ ඝාතනය කිරීමේ උත්සාහයක්.

ඝාතන උත්සාහය අසාර්ථක වීමෙන් පසු, බෝස්ගේ සගයින් පස්දෙනා අල්ලාගෙන දිල්ලි කුමන්ත්‍රණ නඩු විභාගයේදී එක් අයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කරන ලද අතර තවත් හතර දෙනෙකුට මරණ දණ්ඩනය නියම විය.

1915 දී ජපානයට පලා යාමට බෝස් සමත් වූ අතර එහිදී ඔහු සැලකිය යුතු ක්‍රියාකාරිකයෙකු බවට පත්විය. රටේ ජනප්‍රිය ව්‍යංජන වලින් එකක් හඳුන්වා දී ඉන්දීය ජාතික හමුදාවට එක් වීමට අඩිතාලම දමා ගත්තේය.

අද වන විට ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ නිදහස් සටන්කරුවන් වන මොහන්දාස් ගාන්ධි සහ ජවහර්ලාල් නේරුගේ නම් ලෝක ඉතිහාසයේ ඔවුන්ගේ ස්ථානය සොයාගෙන ඇති නමුත් රාෂ් බිහාරි බෝස් ගැන අසා ඇත්තේ ස්වල්ප දෙනෙකි.

එහෙත් ජපානයේ ඔහුගේ කතාව පුරාවෘත්තයක් බවට පත්ව ඇත.

කැරැල්ලේ පදනම

බෝස් 1886 දී ඊසානදිග බෙංගාලයේ ගමක උපත ලැබූ අතර හැදී වැඩුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉන්දියාවට බලපෑ දරුණු සාගත මධ්‍යයේ ය.

රටේ යටත් විජිත නායකයින් ගොවිතැන වාණිජකරණය කිරීම, ඉඩම් ආදායම් බදු එකතු කිරීම සහ “මුදල් භෝග” අපනයනය දිරිමත් කිරීම ආරම්භ කර තිබුණි. අනෙකුත් අස්වැන්න අසාර්ථක වූ විට දැඩි ආහාර හිඟයකට මෙය හේතු විය.

එකල සාමාන්‍ය ඉන්දියානුවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව එක්සත් රාජධානියේ 44 ට සාපේක්ෂව අවුරුදු 25 ක් පමණ විය.

මෙම විෂමතාවන් ජාතිකවාදී ව්‍යාපාරයක් පෝෂණය කළ අතර එය ප්‍රතිසංස්කරණ හා වැඩි දේශපාලන ස්වාධීනත්වයක් සඳහා උනන්දුවක් දක්වන ඉන්දියානුවන්ගේ පක්ෂයක් වන ඉන්දීය ජාතික කොන්ග්‍රසය පිහිටුවීමට හේතු විය.

“Rash Behari Bose: The father of the Indian National Army” කෘතියේ කතුවරුන් වන එලිසබෙත් එස්ටන් සහ ලෙක්සි කවාබේ පවසන පරිදි, බෝස්ට තම අනාගතයේ දී වැඩි යමක් පැවසීමට අවශ්‍ය වූ අතර එය ලබා ගැනීම සඳහා ආයුධ අතට ගැනීමට සූදානම් විය.

රාෂ් බිහාරි බෝස් 1923 දී ජපන් පුරවැසියෙකු බවට පත්විය.

පාසැල් අධ්‍යාපනයෙන් පසු ඔහු උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ ඩෙරාඩූන් හි වන සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ ලිපිකරුවෙකු ලෙස සේවය කිරීමට පෙර ඉන්දීය හමුදාවට බැඳීමට අසාර්ථක උත්සාහයක් ගත්තේය.

එස්ටෝන් සහ කවාබේ පවසන පරිදි, බ්‍රිතාන්‍ය පාලනය අභ්‍යන්තරයෙන් විසුරුවා හැරීමට කටයුතු කරන අතරතුර, බෝස් බ්‍රිතාන්‍යයින්ට අභ්‍යන්තරයෙන් පක්ශපාතී බව හඟවන භූමිකාවක් අවශ්‍ය විය

වන විද්‍යා පර්යේෂණ ආයතනය සමඟ ඔහුට ඉන්දියාව පුරා සංචාරය කිරීමට හැකි වූ අතර යටත් විජිත විරෝධී විප්ලවවාදී ජාලයන් රහසිගතව නිර්මාණය කිරීමට එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් බව ඔවුහු ලියා තිබේ.

වසර ගණනාවක් තිස්සේ ඉන්දියාවේ යටත් විජිත පාලකයින් ඔහු පිළිබඳව කිසිවක් සැක කළේ නැත.

බෙංගාලි කෝපය

1905 දී බ්‍රිතාන්‍යය බෙංගාලය පරිපාලනමය හේතූන් මත නව පළාත් දෙකකට බෙදූ නමුත් එය ආගමික බෙදුම් රේඛාවක් බව පෙනෙන්නට තිබුණි. ඒ වන විට බෝස් යෞවන වියේ පසු විය.


අනෙකුත් බෙංගාලි හින්දු ජාතිකවාදීන් මෙන් බෝස් ද කෝපයට පත් විය.

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය විරෝධී විපක්ෂයට බෙංගාලය ප්‍රධාන ස්ථානයක් වූ අතර බෙංගාලි හින්දු භක්තිකයන් මෙම බෙදීම බ්‍රිතාන්‍යයන්ට තම බල පදනම දුර්වල කිරීමේ මාර්ගයක් ලෙස දුටුවේය. මෙම පියවර සඳහා බොහෝ දුරට මුස්ලිම්වරුන්ගේ සහාය ලැබුණි.

බෙංගාලය පුරා ජාතිකවාදී විරෝධතා පුපුරා ගියේය. අවිහිංසාවාදී කඳවුර ආර්ථික වර්ජනයන් හරහා බ්‍රිතාන්‍ය පාලනය අඩපණ කිරීමට උත්සාහ කළ අතර වඩාත් කුරිරු සහචරයින් බ්‍රිතාන්‍ය නිලධාරීන් ඝාතනය කිරීමට උත්සාහ කළ බව “The New Asia of Rash Behari Bose: India, Japan, and the Limits of the International, 1912-1945. ” ලිපියේ කතෘ වරු සඳහන් කරති.

බෝස් මින් දෙවන කඳවුරට අයත් විය. හාර්ඩින්ගේ ඝාතනය කිරීමට ඔහු දැරූ උත්සාහය දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට හේතු වූ නමුත් එස්ටෝන් සහ කවාබේ පවසන පරිදි බ්‍රිතාන්‍ය ප්‍රභූ වරුන් සමඟ සම්බන්ධ වීමට ඔහු මීට පෙර දැරූ උත්සාහය ඔහුට ගැළවී සිටීමට හොඳ සේවයක් ඉටු කළේය.

1913 දී ඔහුගේ කොමරේඩ් වරයෙකු ඉළක්ක කර සිදු කරන ලද පොලිස් වැටලීමකින් නිදහස් ව්‍යාපාරය සමඟ ඔහුගේ සම්බන්ධතා අනාවරණය වන තෙක් ඔහු සැඟවී සිටීමට සමත් විය.

ඔහු නැවතී සිටි කාමරයේ තබා තිබූ බෑගයක් විමර්ශකයන් විසින් අල්ලා ගන්නා ලදී – ඔහු සැඟවී සිටි වෙස් වළා ගැනීම ඉන් අනාවරණය විය.

ලාහෝර් කුමන්ත්‍රණය

බෝස් සිය ධෛර්ය සම්පන්න ම සැලැස්ම සංවිධානය කළේ පලා යමින් සිටින අතර තුරය.

“හාඩින් සාමිවරයාට එරෙහි ඝාතන ප්‍රයත්නයෙන් පසු බෝස් ඉන්දියාවේ විප්ලවවාදී කවයන් අතර ප්‍රසිද්ධ විය. පළමුවන ලෝක සංග්‍රාමයෙන් බ්‍රිතාන්‍යයන් අවධානය වෙනතකට යොමු කිරීමත් සමඟ, 1857 කැරැල්ලට සමාන කැරැල්ලක් ඇති කිරීමට ඔහු සැලසුම් කළේය – මෙය සිදු වූයේ බ්‍රිතාන්‍ය පාලකයන් යටතේ සේවය කරන ඉන්දීය සොල්දාදුවන් කැරලි ගැසූ මොහොතේදී ය.” මැක්වේඩ් ලිවීය.

ඇමරිකාව, කැනඩාව සහ ජර්මනිය යන රටවල් වල රැඳී සිටි ඉන්දියානු විප්ලවවාදීන් 1914 දී ඉන්දියාවට ගිය අතර ඉන්දියාව පුරා සහ සිංගප්පූරුවේ පවා හමුදා ඒකක කිහිපයක් සම්බන්ධ කර ගත්හ. කැරැල්ල ආරම්භ කිරීමේ දිනය 1915 පෙබරවාරි 21 වන දින ලාහෝර් හිදී නියම කරන ලදී.

ඔත්තුකරුවන් මෙම ව්‍යාපාරයට රිංගා ගැනීමත් සමඟම බ්‍රිතාන්‍යයන් ඉන්දියානු සොල්දාදුවන් නිරායුධ කිරීමට පටන් ගත් බව එස්ටන් සහ කවාබේ ලිවීය.

නොසන්සුන්ව, බෝස් කැරැල්ලේ ආරම්භය පෙබරවාරි 19 දක්වා ගෙන ගියේය. නමුත් එකවර ප්‍රති-බුද්ධි මෙහෙයුම් මගින් කුමන්ත්‍රණය මර්දනය කරන ලද්දේ බොහෝ විප්ලවවාදීන් ඝාතනය කිරීම, සිරගත කිරීම සහ පිටුවහල් කිරීම මගිනි.

බලධාරීන් තම හිස වෙනුවෙන් තෑග්ගක් නියම කළ අතර ඔහුගේ දෙවුර මත මහා වගකීමක් පැටවුණි. බෝස් තීරණය කළේ තමා තවදුරටත් ඉන්දියාවේ ආරක්ෂිත නොවන බවයි.

මහා කවි නොබෙල් ත්‍යාගලාභී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ නෑදෑයෙකු ලෙස වෙස්වලා ගත් බෝස් 1915 මැයි 12 වන දින කොල්කටා වරායෙන් ජපානය බලා පිටත් විය.

ඔහු කවදාවත් ආපසු ගියේ නැත.

ජපානය දෙස

බ්‍රිතාන්‍ය සගයෙකු ලෙස ජපානය, බ්‍රිතාන්‍යයේ පළිගැනීමෙන් පලා යන බෙංගාලි නිදහස් සටන්කරුවෙකුට නොගැළපෙන ආරක්ෂිත ස්ථානයක් සේ පෙනේ.

නමුත් 6 වන සියවසේදී කොරියානු අර්ධද්වීපය හරහා ඉන්දියාව බුද්ධාගම ජපානයට සංක්‍රමණය කිරීම දක්වා දිවෙන ඉන්දියානු මිත්‍ර ශීලී හැඟීම් පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ජපානයට තිබුණි.

සියවස් ගණනාවකට පසු බොහෝ නිදහස් සටන්කරුවන් නැගෙනහිර දෙස බැලීමට පටන් ගත්හ.

1905 දී රුසෝ-ජපාන යුද්ධයේදී රුසියාවට එරෙහිව ජපානයේ වේගවත් කාර්මිකකරණය සහ ජයග්‍රහණ, ආසියාවේ බල තුලනය වෙනස් කළ අතර ඒවා ඉන්දියාවේ හා මැද පෙරදිග ජාතිකවාදී ව්‍යාපාර දිරි ගැන්වූ බව මැක්වේඩ් පවසයි.

1915 දී බෝස්ට ගෞරව දැක්වීම සඳහා ඔහුගේ සමීප ජපන් මිතුරන් වන මිට්සුරු ටයාමා (මැද, මේසය පිටුපස) සහ සුයෝෂි ඉනුකායි (ටයාමා හි දකුණට) පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයක්. ටයමා පිටුපස ඇත්තේ බෝස් ය.

ආසියානු ජාතියක අනපේක්ෂිත නැගීම බෝස් වැනි නිදහස් සටන්කරුවන්ට නව අපේක්ශාවක් ලබා දුන්නේය. ඔවුන් සිතුවේ ජපානයට සෙසු ආසියාව සමඟ බටහිර ආධිපත්‍යයට අභියෝග කළ හැකි බවයි.

බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ පෘතුගාලය වැනි බටහිර බලවතුන් 15 වන සියවස තරම් ඈත අතීතයේ සිටම ආසියාව හා අප්‍රිකාව පුරා විශාල භූමි ප්‍රමාණයක් පාලනය කර ගත්හ.

වෙළඳ දූත මෙහෙවර මුවාවෙන් ඔවුන් එම ප්‍රදේශ හරහා සොයාගත් ස්වාභාවික සම්පත් සූරාකමින් එහි සිටි ජනතාවට “ශිෂ්ටාචාරය” ගෙන ඒමට උත්සාහ කළහ. 1765 සිට 1938 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යය අසාධාරණ වෙළඳ හා බදු වලින් ඉන්දියාවෙන් ඩොලර් ට්‍රිලියන 45 කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇතැයි ගණන් බලා තිබේ.

1902 සිට 1923 දක්වා කාලය තුළ ජපානය බ්‍රිතාන්‍ය සගයෙකු වුවද, ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය අවසන් කිරීමට අවශ්‍ය විප්ලවවාදීන්ට එය දොර විවර කර තිබුණි.

ඒ වන විට ජපානය සර්ව ආසියානුවාදී මතවාදයේ මධ්‍යස්ථානයක් ලෙස ඉස්මතු වෙමින් තිබුණි. සර්ව ආසියානුවන්ට අවශ්‍ය වූයේ අයුක්ති සහගත ජාත්‍යන්තර ක්‍රමයක් ලෙස ඔවුන් දුටු දේ නිවැරදි කිරීමට ය. සමහරුන්ට අවශ්‍ය වූයේ බටහිර නොවන අයගේ අත්දැකීම් ප්‍රකාශ කිරීමට ය. බටහිර බලවතුන් කලාපයෙන් තල්ලු කරමින් ආසියාවේ ජපානයේ නායකත්වය ස්ථාපිත කිරීමට තවත් සමහරුන්ට අවශ්‍ය විය.

බ්‍රිතාන්‍ය බලධාරීන්ට පහර දීම

ජපානයේ බෝස් පහත් මට්ටමක සිටියේය.

එස්ටෝන් සහ කවාබේට අනුව බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඔහුව සොයා ගැනීම සඳහා පෞද්ගලික ජපන් රහස් පරීක්ෂක ආයතනයක් කුලියට ගෙන තිබේ.

“ඉන්දියාවේ විප්ලවවාදීන් වෙත ආපසු යැවීම සඳහා ආයුධ රැස් කිරීම සඳහා ෂැංහයි වෙත යාමට ඔහු අදහස් කළ නමුත්, මේ අතරතුර ඔහු ටෝකියෝ හි අසාබු දිස්ත්‍රික්කයේ නිවසක සැඟවී සිටියේය. එහිදී ඔහු බුද්ධිමත්ව චීනයේ විප්ලවවාදී හමුදාවේ ප්‍රධානී සන් යාට්-සෙන් හමු වෙයි.” එස්ටන් සහ කවාබේ ලිවීය.

Qing රජයට එරෙහි සන්නද්ධ නැගිටීම අසාර්ථක වීමෙන් පසු සන් ටෝකියෝහි පිටුවහල්ව සිටි අතර චීනයේ සන්නද්ධ විප්ලවයක් සඳහා ජපානයේ සහාය ලබා ගැනීමට අවශ්‍ය විය.

ජපාන දේශපාලන කවයන් අතර බලගතු චරිතයක් සහ සර්ව-ආසියානු කන්ඩායමේ නායක ජෙනියෝෂාට සන් විසින් බෝස්ව හඳුන්වා දුන්නේය. පසුව එය අන්ත ජාතිකවාදී සංවිධානයක් ලෙස සලකනු ලැබූ අතර දෙවන ලෝක යුද්ධයේදී ජපානය පරාජයට පත්වීමෙන් පසු ඇමරිකානු හමුදා විසින් එය වසා දමන ලදී. .

“නකමුරායා” 1910 දී ආරම්භ කරන ලදී. එය මුලින් සිය ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට පෙර ක්‍රීම් බනිස් සහ වෙනත් බේක් කළ භාණ්ඩ අලෙවි කළේය.

“ටොයාමා බෝස්ට රැකවරණය සැලසෙන ස්ථානය මෙය පමණක් බව දැන සිටියේය.” එස්ටන් සහ කවාබේ පැවසීය.

ටෝකියෝ වැසියන් හා බුද්ධිමතුන් අතර දන්නා පරිදි “නකමුරායා සැලෝන්” යනු ෂින්ජුකු දිස්ත්‍රික්කයේ පිහිටා ඇති බේකරියක් සහ ආපන ශාලාවකි.

අයිසෝ සහ කොක්කෝ සෝමා හිමිකරුවන් කලාව, සාහිත්‍යය සහ වෙනත් සංස්කෘතීන් කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ කිතුනු යුවළකි. බෝස් ව ඔවුන්ගේ ගෙයි මිදුලේ කුඩා ගෙස්ට් හවුස් එකක රඳවා තබන ලෙස ටොයාමා ඔවුන්ට ඒත්තු ගැන්වීය. ඔහු මාස හතරක් එහි නැවතී සිටි අතර පසුව වසර කිහිපයකින් හඳුනා නොගැනීම සඳහා කිහිප වතාවක්ම තැනින් තැනට මාරු විය.

ඔහුව අල්ලා ගැනීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා 1918 දී ටොයාමා, බෝමාට සෝමාගේ වැඩිමහල් දියණිය වන ටොෂිකෝ සමඟ විවාහ වීමට උනන්දු කළේය.

1927 දී නකමුරායා සිය මෙහෙයුම් නවීකරණය කරන ලද්දේ රුසියානු බෝර්ෂ්ට්, චීන තැම්බූ බනිස් සහ ඉන්දියානු ව්‍යංජන එහි මෙනුවට හඳුන්වා දීමෙනි.

1927 දී නකමුරායා සිය මෙහෙයුම් නවීකරණය කරන ලද්දේ රුසියානු බෝර්ෂ්ට්, චීන තැම්බූ බනිස් සහ ඉන්දියානු ව්‍යංජන එහි මෙනුවට හඳුන්වා දීමෙනි.

එස්ටන් සහ කවාබේට අනුව, විවාහය සැලසුම් කර ඇත්තේ ජපාන සමාජයට බෝස්ගේ ඒකාබද්ධතාවය ලිහිල් කිරීම සඳහා ය. 1923 දී බෝස්ට ජපන් පුරවැසියෙකු වීම පහසු විය.

ආපදාවට පෙර මෙම යුවළට දරුවන් දෙදෙනෙක් සිටියහ.

නව ලෝක පිළිවෙලක සිහිනය

ටොෂිකෝ 1925 දී නියුමෝනියාවෙන් මිය ගියාය. ඇගේ වයස ඒ වන විට අවුරුදු 27 කි.

බෝස් සිය ශෝකය දුරු කර ගැනීම සඳහා නිදහස් ව්‍යාපාරයට අවතීර්ණ විය.

ජපානය සහ ඉන්දියාව අතර සංස්කෘතික සබඳතා ගොඩනඟා ගැනීමට උනන්දුවක් දැක්වූ ඔහු ටෝකියෝ හි ඉගෙනුම ලබන ආසියානු සිසුන් සඳහා ඉන්දු-ජපන් මිතුරු සංගමය සහ “Villa Asians” නමින් නේවාසිකාගාරයක් පිහිටුවා පවත්වාගෙන ගියේය. ඔහු 1941 වන තෙක් එය කළමනාකරණය කළ බව එරි හොටා පවසයි. – “Pan-Asianism and Japan’s War 1931-1945.”.

ඔහු ඉන්දියාවේ අතීතය පිළිබඳව පුළුල් ලෙස ප්‍රකාශයට පත් කළේය, ඉන්දියාව සහ ජපානය අතර සබඳතා ප්‍රවර්ධනය කළේය. කලාපය ශක්තිමත් කිරීම සඳහා සර්ව-ආසියානු සමිතියක් වෙනුවෙන් පෙනී සිටීමට ඇති සෑම අවස්ථාවක්ම ඔහු ප්‍රයෝජනයට ගත්තේය.

බෝස් සිය පොදු පැතිකඩ සමඟ නිර්භීත වෙමින් ජපන් පුවත්පත්වල නිරන්තරයෙන් පළ විය.

බෝස් ජපානයට පැමිණි විට ඉන්දියාව ගැන දැන සිටියේ උගත් ජපන් ජාතිකයන් පමණි. එය එවකට හැඳින්වූයේ ජපන් භාෂාවෙන් “ස්වර්ගයේ දේශය” යන අර්ථය ඇති “ටෙන්ජිකු” යනුවෙනි. කවාබේට අනුව මිනිසුන් බෝස් “ටෙන්රායි” ලෙස නම් කරන ලදී.

රාෂ් බිහාරි බෝස් මෙහි කවියෙකු හා නොබෙල් ත්‍යාගලාභී රබීන්ද්‍රනාත් තාගෝර් සමඟ ඡායාරූපයේ සිටී.


බ්‍රිතාන්‍යයන් ඔහු ගැන විමසිල්ලෙන් සිටියේය.

තරුණ පරම්පරාවේ ඉන්දියානුවන් කෙරෙහි බෝස් ගේ බලපෑමට බිය වූ යටත් විජිත බ්‍රිතාන්‍ය රජය විසින් 1930 ගණන් වලදී ඉන්දියානු සිසුන්ට ජපානයට යාමට අපහසු වූ බව මැක්වේඩ් පවසයි.
ඔවුන්ට සැක කිරීමට හොඳ හේතු තිබුණි.

‘ඉන්දියාවේ වැළපුම’

1931 දී බෝස් විසින් ජපානයේ පළමු ඉන්දීය නිදහස් ලීගය සංවිධානය කරන ලද අතර එය සීඅයිඒ ලේඛනයකට අනුව “හැකි සෑම ආකාරයකින්ම ඉන්දියාවේ ස්වාධීනත්වය” ළඟා කර ගැනීම අරමුණු කර ගත්තේය.

ජපන් ටයිම්ස් පුවත්පතට අනුව බෝස් උදව් සඳහා ඉන්දියානු සිසුන් බඳවා ගත් අතර සිංගප්පූරුවේ (එවකට මලයාවේ) ඉගෙනුම ලැබූ වී. සී. ලිංගම් ද ඒ අතර විය. ඔහු වියට්නාමය, බැංග්කොක්, සිංගපූරුව යන රටවල් වලට සංචාරය කරමින් මෙම ලීගයට සාමාජිකයන් බඳවා ගැනීමට දායක විය.

“ලීගය විශාල වූ අතර, බෝස් නැගෙනහිර ආසියාව පුරා ව්‍යාපාරයේ නායකයා බවට පත්විය,” ලිංගම් 2007 දී ජපන් ටයිම්ස් පුවත්පතට පැවසීය.

අවුරුදු දෙකකට පසු, බෝස්ට ඉංග්‍රීසි හා ජපන් භාෂාවෙන් බෙදා හරින ලද “The New Asia” නම් සඟරාවක් ප්‍රකාශයට පත් කිරීමට අරමුදල් ලැබුණි.

“එම සඟරාව ඉන්දියාවේ තහනම් කර තිබුණත් චීනයේ ජපාන ආක්‍රමණ ගැන සඳහන් නොකළද බෝස් “ආසියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය තුරන් කිරීමේ පියවරක් ලෙස එක්සත් ජනපදය, චීනය සහ සෝවියට් සංගමය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජපාන රජයෙන් ඉල්ලා සිටියේය.” උතුරු කැරොලිනා-චැපල් විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥ සෙමිල් අයඩින්.

බෝස්ට නම් බ්‍රිතාන්‍යය අවසාන සතුරා වන අතර එක්සත් ජනපද-ජපාන ගැටුමක් සිදුවන්නේ එම රටවල වාසියට පමණි.

දෙවන ලෝක සංග්‍රාමයට පෙරාතුව, එංගලන්තය සහ ජපානය අතර සබඳතා සැලකිය යුතු මට්ටමක පැවතුනි. 1933 වන විට ජපානය සාමකාමී යෝජනා සෙවීම සඳහා පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසුව පිහිටුවන ලද ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායම වන ජාතීන්ගේ සංගමයෙන් ඉවත් විය.

මැක්වේඩ්ට අනුව, ජපාන රජයට බෝස්ගේ දේශපාලන කටයුතු සීමා කිරීමට ඇති දිරිගැන්වීම් ඉවත් විය.

1938 දී, බෝස් විසින් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය දැඩි ලෙස හෙළා දකින “Indo no sakebi” (ඉන්දියාවේ වැළපුම) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු – බ්‍රිතාන්‍ය බලධාරීන් ඔහුව ත්‍රස්තවාදය ප්‍රචාරය කිරීමේ ජපන් නියෝජිතයෙකු ලෙස වර්ගීකරණය කළහ.

ඒ වන විට ජපානය ට ඔහුව භාරදීමට ක්‍රමයක් නොවීය.

ක්ෂිතිජයේ කරදර

කෘෂිකාර්මික හා රෙදිපිළි මිල පහත වැටීම නිසා 1930 ගනන්වල මහා අවපාතයෙන් ජපානයට දැඩි බලපෑමක් එල්ල විය.

ආර්ථික පසුබෑම මධ්‍යයේ සමහර රැඩිකල්කරණය වූ සර්ව-ආසියානුවාදීන් ජපාන දේශපාලනය පාලනය කළ අතර මිලිටරි ජයග්‍රහණ මගින් ජපානයට තම ආර්ථික ගැටලු විසඳා ගත හැකිය යන අදහස ක්‍රමයෙන් මුල් බැස ගත්තේය.

දෙවන ලෝක යුද්ධ සමයේදී ඉන්දියාවේ ස්වාධීනත්වය ජපාන මිලිටරි ආන්ඩුවේ සර්ව-ආසියානු වැඩ සටහනේ අනිවාර්ය අංගයක් විය. නිදසුනක් වශයෙන්, 1941 දී මේජර් ඉවාචි ෆුජිවාරා විසින් ජපානයේ බුද්ධි මෙහෙයුම් ඒකකයක් වන “ෆුජිවාරා කිකන්” බ්‍රිතාන්‍ය ඉන්දියාව, මලයාව සහ නෙදර්ලන්ත නැගෙනහිර ඉන්දීය කොදෙව්හි නිදහස් ව්‍යාපාරවලට සහාය දැක්වීමේ කාර්යය ආරම්භ කරන ලදී.

දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානය ආසියා-පැසිෆික් කලාපය හරහා සිය කුරිරු ව්‍යාපාරය දියත් කරන විට ආනන්ද මොහාන් සහේ සහ රාජා මහේන්ද්‍ර ප්‍රතාප් වැනි ප්‍රමුඛ පෙළේ ඉන්දීය නිදහස් සටන්කරුවන් තම රට ගැන ත් ආසියාවේ සෙසු රටවල් ජපානයේ කෲර යටත්විජිතකරණයට ලක් වීම ගැනද සැළකිලිමත් විය.

අනෙක් අතට, බෝස් කිසි විටෙකත් කතා කළේ නැත – ජපානය චීනය සහ කොරියානු අර්ධද්වීපය ආක්‍රමණය කිරීමෙන් පසුව පවා, “Bose of Nakamuraya: An Indian Revolutionary in Japan.” කතුවරයා වන ටකේෂි නකාජිමාට අනුව.

“ජපානය තමන්ට ආසියාවේ අත්පත් කරගත යුතු දේ ගැන පැවසූ දෙයත්, ඇත්ත තත්වයත් අතර ඇති පරතරය බෝසේට අවබෝධ වුවද ජපානය සමග ඔහුගේ තිබූ මිත්‍රත්වයද, පුරවැසිකමත් නිසා ජපානය සමග විරසක වීමට නොහැකි වී තිබුණා.” නකජිමා පැවසීය.

ජපාන මේජර් ෆුජිවාරා ඉවාචි ඉන්දීය ජාතික හමුදාවේ කපිතාන් මොහාන් සිංට සුබ පතයි.

අනෙක් ඉන්දියානුවන් ඔහුව ජපන් රූකඩයක් ලෙසත් ජපානයේ මිලිටරිවාදී තන්ත්‍රය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නෙකු ලෙසත් දැකීමට වැඩි කලක් ගත නොවීය. ඊරි හොටා සිය පුවත්පතේ “රාෂ් බිහාරි බෝස් සහ ඔහුගේ ජපන් ආධාරකරුවන්” යනුවෙන් තර්ක කරයි.

අනෙක් අය ඔහු දෙස බැලූ ආකාරය කුමක් වුවත්, ඉන්දියාව නිදහස් කර ගැනීම සඳහා ජපාන හමුදාව යොදා ගත හැකි බව බෝස්ට ඒත්තු ගියේය. ජපානයේ සහ ගිනිකොනදිග ආසියාව පුරා ආධාරකරුවන් බලමුලු ගැන්වීමට ඔහු සිය උත්සාහය දිගටම කරගෙන ගියේය.

1942 පෙබරවාරි 15 වන දින සිංගප්පූරුවේ බ්‍රිතාන්‍ය අණ දෙන නිලධාරීන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ හමුදා මැලේසියාවේ සහ සිංගප්පූරුවේ 120,000 කට වැඩි ප්‍රමාණයක් ජපන් ජාතිකයින්ට භාර දුන් අතර එය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ විශාලතම හමුදා යටත් වීම ලෙස ප්‍රසිද්ධ විය.

හොංකොං, ෂැංහයි සහ සිංගප්පූරුවේ ඉන්දියානු යුද සිරකරුවන් ඉන්දියාවේ විමුක්තිය සඳහා ජපන් ජාතිකයන් සමඟ සටන් කිරීමට පෙළඹවීම සඳහා ජපානයේ ව්‍යාපාරය සමග එය සමපාත විය. සිංගප්පූරුවට එරෙහි සටනින් පසු ෆුජිවාරා ඉන්දීය හමුදා නිලධාරි මොහාන් සිංගෙන් ඉල්ලා සිටියේ එහි අල්ලා ගත් ඉන්දීය සොල්දාදුවන්ගෙන් ඉන්දීය හමුදාවක් පිහිටුවන ලෙසයි.

බෝස් එම වසරේ ජුනි මාසයේදී ජපානයේ අනුග්‍රහයෙන් බැංකොක් නුවර පැවති ඉන්දීය නිදහස් සමුළුවේ මුලසුන හොබවන ලදී. එහිදී ඔහු ඉන්දීය ජාතික හමුදාවේ (INA) නායකත්වය සඳහා පත් කරන ලද අතර සිං දස දහස් ගණනක් සිරකරුවන් ජපන් ජාතිකයන් සමඟ සටන් කිරීමට බඳවාගෙන තිබුණි. ඉන්දියාවේ බ්‍රිතාන්‍යයන් යටත් කර ගැනීමට ඔවුහු සැලසුම් කළහ.

එය බෝස්ගේ ඉහළම චරිතය වූ අතර ඔහුගේ නම ඉන්දියානු ජනප්‍රවාදයට ඇතුළු වීම ට එය බොහෝ සේ බලපාන්නට ඇත.

නමුත් එය එසේ නොවීය.

අද, බෝස් නම් තවත් මිනිසෙක් රාෂ් බිහාරිට වඩා INA සමඟ වඩා සමීපව බැඳී සිටී.

ඉන්දියාවේ සුප්‍රසිද්ධ ජාතිකවාදියෙකු වන සුභාස් චන්ද්‍ර බෝස් 1943 දී සිං සහ බිහාරි බෝස් අතර ආතතීන් ඇතිවීමෙන් පසුව වැඩ භාර ගත්තේය. CIA ලේඛනයට අනුව චන්ද්‍ර බෝස් ඉන්දීය ජාතික යුද හමුදාවේ නිලයන් ගොඩනඟා ගත් අතර ඉන්දීය සිරකරුවන් විශාල පිරිසකට නිදහස සඳහා සටන් කිරීමට ඒත්තු ගැන්වීය.

ඉන්දීය ජාතිකවාදී නායක සුභාෂ් චන්ද්‍ර බෝස් යනු ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට සහයෝගය ලබා ගැනීම සඳහා 1942 මැයි මාසයේදී ඇඩොල්ෆ් හිට්ලර් හමුවූ ප්‍රසිද්ධ හා ගෞරවනීය චරිතයකි.


චන්ද්‍ර බෝස් ජපානයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙත්ම, ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ පෙරමුණේ සිටි බෙහාරි බෝස්ගේ සෞඛ්‍යය හා පැවැත්ම මැකී යන්නට විය.

1947 දී ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමට මොහොතකට පෙර 1945 දී බිහාරි බෝස් මිය ගියේය.

ඉන්දියාවේ දැන් ඔහුගේ උපන් ස්ථානයේ ඔහු වෙනුවෙන් කැප වූ සංචාරක මධ්‍යස්ථානයක් තිබේ. ජපානයේ දී, ඔහුගේ උරුමය අමරණීය කර ඇත්තේ නකමුරායා හි ඉතා ප්‍රිය කරන ව්‍යංජන කෑමක් තුළ ය. බෙහාරි බෝස් දශක ගණනාවක් තිස්සේ ඉන්දියානු නිදහස සඳහා අරගලය තුළ ජනප්‍රිය වූ බව කියනු ලැබේ.

එස්ටෝන් සහ කවාබේට අනුව බෙහාරි බෝස් ඉන්දීය නිදහස් ලීගයේ සහ ඉන්දීය ජාතික හමුදාවේ අත්තිවාරම දැමීය.

අවසානය දක්වාම, තත්වය වෙනස් කිරීම සඳහා ඔහු විශ්වාසය තැබීය. අද දක්වාම ඔහු ඉන්දියාවේ නිදහස් සටන්කරුවන්ගෙන් ප්‍රමාණවත් ඇගයීමකට ලක් නොවුනු කෙනෙකි.

CNN හි යෝකෝ වකාට්සුකි ටෝකියෝ සිට මෙම වාර්තාවට දායක විය. සංස්කරණය කළේ හිලරි වයිට්මන් සහ ජෙනී මාෂ් විසිනි.

මුළු පරිශීලකයින් 41 

2 thoughts on “ජපානයේ රැඳී සිටිමින් බ්‍රිතාන්‍ය පාලනය පෙරලා දැමීමට සටන් කළ ඉන්දීය විප්ලවවාදියා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *