ලන්දේසි බලධාරීන් විශ්වාස කරන්නේ මුගටියෙකු හරහා කොවිඩ් -19 මිනිසෙකුට ආසාදනය විය හැකි බවයි.

CNN හි Mick Krever සහ Rob Picheta විසිනි

නෙදර්ලන්ත රජය පවසන්නේ මුගටි ගොවිපොළවල් වල කෝවිඩ් පරීක්ශණ අනිවාර්ය බවයි

මෙය CNN ලිපියේ සිංහල පරිවර්තනයකි.

(CNN) – ලන්දේසි බලධාරීන් විශ්වාස කරන්නේ මින්ක් නම් මුගටි විශේෂය හරහා මිනිසෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති අතර නෙදර්ලන්තයේ සියලුම මින්ක් ගොවිපලවල අනිවාර්ය පරීක්ෂණයක් සිදුකරන බවයි.

“මින්ක් ගොවිපලවල කොවිඩ් -19 ආසාදන පිළිබඳ දැනට කරන ලද පර්යේෂණවල නව පර්යේෂණ ප්‍රතිඵල මත පදනම්ව, මින්ක් සිට මිනිසා දක්වා ආසාදනයක් සිදුවී ඇති බව පිළිගත හැකි ය” යනුවෙන් ලන්දේසි රජය අඟහරුවාදා රාත්‍රියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

“මෙම පර්යේෂණයෙන් පෙනී යන්නේ රෝග ලක්ෂණ නොපෙන්වා මින්ක් හට කොවිඩ් -19 තිබිය හැකි බවයි.”

රජය කියා සිටියේ මින්ක් වල ප්‍රතිදේහ පරීක්ෂාව “නෙදර්ලන්තයේ සියලුම මින්ක් ගොවිපලවල් දක්වා ව්‍යාප්ත කරන අතර එය අනිවාර්ය වනු ඇති” බවයි.

ගොවිපලවල් අතර වෛරසය පැතිරීම සඳහා බළලුන් යම් කාර්යභාරයක් ඉටු කර ඇතැයි විශ්වාස කරන බව රජය පවසයි. “දැනට සිදුකෙරෙන පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ ආසාදිත ගොවිපලවල් දෙකක වෛරස් ඉතා සමාන බවයි.” එක් මින්ක් ගොවිපලක බළලුන් 11 දෙනෙකුගෙන් තිදෙනෙකුගෙන් කොවිඩ් -19 සොයා ගත් බව එහි දැක්වේ.

“මෙම විමර්ශනය අතරතුර, ආසාදිත මින්ක් ගොවිපලවල් වලින් බළලුන්ට ඇතුළු වීමට හෝ පිටව යාමට නොහැකි බව සහතික කරනු ලැබේ.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා ෆඩෙලා චයිබ් පසුගිය මාසයේදී කියා සිටියේ දැනට පවතින සියලුම සාක්ෂි වලින් කියැවෙන්නේ කොවිඩ් -19 වවුලන්ගෙන් ආරම්භ වූවක් බවයි.නමුත් විශේෂඥයින් මුළදී අනතුරු හැඟෙව්වේ මෙය අනෙකුත් සතුන් හරහා මිනිසුන්ට ආසාදනය විය හැකි බවයි.

අවම වශයෙන් විශාල බළලුන් අට දෙනෙකු බ්‍රොන්ක්ස් සත්ව උද්‍යානයේදී වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇත.

මුළු පරිශීලකයින් 62 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *